චීන ජනාධිපති ෂී ජින්පින් ගේ දේශපාලන චින්තනය එරට පාසල් විෂය මාලාවට එක් කිරීමට චීන අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
“ෂී ජින්පින් ගේ චින්තනය” තරුණ තරුණියන් අතර මාක්ස්වාදී සිතුවිලි ඇතිකිරීමට හේතුවිය හැකි බව නව මාර්ගෝපදේශ හඳුන්වාදෙමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
ඒ අනුව ඔහුගේ දර්ශනය ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලාවේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඉගැනීමට සිසු සිසුවියන්ට සිදුවේ.
සමාජයේ විවිධ තරාතිරම් අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ චින්තනය ස්ථාපනය කිරීමේ එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.

