Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් මරණවලින් ලංකාව 13වන ස්ථානයට

ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ. කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේය.

පළමුවරට දෛනික ආසාදිත සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා ගොස් ආසාදිතයින් 4,304 දෙනෙකු හඳුනාගැනුණි. එමෙන්ම තවත් කොවිඩ් මරණ 183ක් පෙරේදා දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය. ඒ සමග වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, දෛනික කොවිඩ් මරණ අතින් ශ්‍රී ලංකාව ලොව 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන ආකාරයකි. දෛනික මරණ අතින් අපට ඉදිරියෙන් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදය.

 

Exit mobile version