Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)ලොව ප්‍රථම වරට කොවිඩ් මරණ පිලිබඳව ලංකාවෙන් හඳුනාගැනීමක්: පෙනහළු සංකූලතා තත්ත්වය

(VIDEO)ලොව ප්‍රථම වරට කොවිඩ් මරණ ගැන ලංකාවෙන් හඳුනාගැනීමක්: "නියුමෝ නයින්ටීස්" නම් පෙනහළු සංකූලතා තත්ත්වය

(VIDEO)ලොව ප්‍රථම වරට කොවිඩ් මරණ ගැන ලංකාවෙන් හඳුනාගැනීමක්: "නියුමෝ නයින්ටීස්" නම් පෙනහළු සංකූලතා තත්ත්වය

කොවිඩ් 19 වෛරසය අසාදනය වීම නිසා මිය යාමට ප්‍රධාන වශයෙන් හේතුවන කොවිඩ් නිවුමෝනියාව සහ ලේ කැටි ගැසී ඒවා පෙනහළු තුළ සිරවීම යන කාරණාවලදී කොවිඩ් නිවුමෝනියාව ඇති වීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාව පිලිබඳව මේ වන විට හඳුනාගෙන තිබේ.

එය පළමු වරට හඳුනා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයකි.

කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ පශ්චාත් පරණ පරීක්ෂණවලදී එම සංකූලතාව සොයාගෙන තිබෙන අතර එම නව රෝග තත්ත්වය හඳුනා ගෙන තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසිනි.

ඒ අනුව මෙම කොවිඩ් 19 නිවුමෝනියා තත්ත්වයට පෙර ඇති වන පෙනහළු සංකූලතාව ”ඇක්‍යූට් ලිම්ෆොසිටික් ඉන්ටස්ටීෂල් නිවුමෝනයිටිස්” ලෙස හඳුන්වන බවයි ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවසුවේ.

මෙය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා සිදුවන පෙනහළුවේ සංකූලතා ආරම්භ වන පළමු අදියරේදී දැක ගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පෙනහළුවේ ගර්තවල සෛල විනාශ වීම මෙම නියුමෝ නයින්ටීස් රෝග තත්ත්වයේදී සිදුවන බව ඔහු පැහැදිලි කරන ලදී.

මෙහිදී මෙම පෙනහළුවල ගර්ත බිත්ති සෛල විනාශ වීමේදී ගර්ත බිත්ති විශාල ප්‍රමාණයක් අකර්මන්‍ය වී ඒවා මිය යන බවත් ඒ සමඟම එම සෛල ගර්ත ඇතුළට කඩා වැටීම නිසා ”හයලයින් මෙම්බ්‍රින් ෆෝමේෂන්” යන තත්ත්වය ඇති වන බවත් එය කොවිඩ් 19 වෛරසය ආසාදනය වී දින 5ත් 7ත් අතර කාලය තුළ දැක ගත හැක වන බවත් එය දින 10ක් පමණ දක්වා වුවද පැවතිය හැකි බවත් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

මෙය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා පෙනහළු තුළ සිදුවන ආරම්භක සංකූලතාව වන අතර මෙම වෛරසය අසාදනය වී මිය යාමට මෙයද හේතුවක් වී තිබෙන බවයි මේ වන විට හඳුනා ගෙන ඇත්තේ. එම සංකූලතාව ගැන ශ්‍රී ලංකාවෙන් හඳුනා ගන්නා තුරු එය කොවිඩ් 19 හේතුවෙන සිදුවන මරණවලට හේතුවක් බව හඳුනා ගෙන තිබී නැහැ.

කොවිඩ් නිවුමෝනියා තත්ත්වයට හැරෙන්නේ මෙම සංකූලතාවෙන් පසුව බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

මෙම කොවිඩ් 19 වෛරසය ආසාදනය වළක්වා ගැනීම දේශීය වෛද්‍ය උපදෙස් අනුව කළ හැකි නමුත් රෝගය වැළඳීමෙන් පසු දැනට ප්‍රතිකාර කළ හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පමණක් බවද ඔහු සඳහන් කළේය.


-LNW

Exit mobile version