Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව අමාත්‍යංශ හතක කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් දිවරුම් දුන්හ

නව අමාත්‍යංශ හතක කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් දිවරුම් දුන්හ

නව අමාත්‍යංශ හතක කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් දිවරුම් දුන්හ

කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ (16) දිවුරුම් දුන්හ.

ඒ අනුව විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන්නේය. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිමුරුම් දුන්නේය. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Exit mobile version