Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘මාබර්ග්’ වයිරසය ආසාදනය වුණොත් මරණයට පත් වීමේ හැකියාව 88%ක් දක්වා ඉහළ යා හැකිය

දැඩි ලෙස ව්‍යාප්ත වන නව ‘මාබර්ග්’ වයිරසය ආසාදනය වුණොත් මරණයට පත් වීමේ හැකියාව 88%ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

මාරාන්තික ඉබෝලා වයිරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නමැති වයිරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අගෝස්තු 2 දා රෝගාතුරව මියගිය ගිනියා ජාතිකයන්ගේ රුධිර සාම්පලවලින් මේ වයිරසය හමු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Exit mobile version