Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව මහනුවර ඇසැළ පෙරහර පැවැත්වීමට තිරණයක්

නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව මහනුවර ඇසැළ පෙරහර පැවැත්වීමට සංවිධායක කමිටුවේන් තිරණයක්

නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව මහනුවර ඇසැළ පෙරහර පැවැත්වීමට සංවිධායක කමිටුවේන් තිරණයක්

නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව මෙවර මහනුවර ඇසැළ පෙරහර පැවැත්වීමට පෙරහැර සංවිධායක කමිටුව විසින් තිරණය කල බව දියවඩන නිළමේ නිළංග දැල පවසයි.

‘අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන්ගේ අනුසාශනා පරිදි, සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරමින් මෙවර මහනුවර ඇසළ පෙරහර උත්සව කටයුතු ක්‍රියාත්මක කරනවා. මාර්ග දෙපස රැස්වී පෙරහර නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒත් අපි රූපවාහිනි නාලිකා හරහා සියලුම පෙරහර සජීවිව විකාශය කිරිමට කටයුතු සූදානම් කරනවා.’ දියවඩන නිළමේ නිළංග දැල වැඩිදුරටත් පවසයි.

පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් සියලු දෙනා ජෛව බුබුළක් ලෙස රඳවා ගනිමින් මෙවර පෙරහර පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා කීය.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් (අගෝස්තු 10) ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවති සාකච්ඡාවකදී දියවඩන නිලමේවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර ඇසළ පෙරහර මහජන සහභාගිත්වයෙන් තොරව පැවැතිය ද ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් මධ්‍යම පළාතේ පොලිස් නිලධාරීන් 5,500ක පමණ සංඛ්‍යාවක් සේවයේ යෙදවීමට තීරණය කර තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා කීය. මෙම පොලිස් නිලධාරීන් සියලු දෙනාද පෙරහර අවසන් වන තෙක් ජෛව බුබුළක් ලෙස රඳවා ගැනීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහනුවර දිසාව බාර ජේ්‍යෂඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක ‘අපිට තොරතුරු ලැබිල තියෙනවා පෙරහර ගමන් කරන මාර්ගය දෙපස තියෙන හෝටල් පෙරහැර නැරඹීම සඳහා ජනතාවට පහසුකම් සැපයීමට සූදානම් වන බව. මෙවර අපි ඒවාත් නැවැත්වීමට පියවර ගන්නවා.’ යනුවෙන් පවසයි.

මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරේ මෙම මස 13 වන දින වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට නියමිතව ඇත්තේ නිකිණි පුන්පොහෝ දිනය යෙදෙන 22 දින රාත්‍රියේය.

පෙරහර සාකච්ඡාවට මල්වතු මහ විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, පොළොන්නරුව සෝමාවතී රජමහ විහාරාධිපති පහමුණේ සුමංගල හිමි සහ නාථ දේවාල බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ, පත්තිනි දේවාල බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සේනක තලගල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Exit mobile version