Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)ත්‍රිකුණාමලය වරායෙන් අක්කර 33,000ක භූමියක් අමෙරිකාවට බදු දීමට කැබිනට් පත්‍රිකාවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ - වසන්ත සමරසිංහ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ - වසන්ත සමරසිංහ

ත්‍රිකුණාමල වරායෙන් අක්කර 33,000 ක භූමියක් අමෙරිකාවට බදුදීමේ සූදානමක් ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කළේය.

“චීනෙට හම්බන්තොට වරාය දුන්නා වගේ අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දෙන්න දැන් සැලසුම් සකස් කරලා කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියනවා. මොකද මේගොල්ලෝ විකුණන්න ඕන වුණාම හරි පහසුවෙන එක විකිණීම සඳහා පාවිච්චි කරන නම තමයි ආයෝජනය සඳහා අපි දෙනවලු එදා එම්.සී.සී. ගිවිසුම ගෙනල්ලා ත්‍රිකුණාමල වරාය ඇතුළු ප්‍රදේශවල සිට මේ පැත්තෙන් මීගමුව දක්වා වූ ප්‍රදේශයත් එම්.සී.සී. එක හරහා වෙනම කොරිඩෝවක් හදනවා කියලා කිව්ව එකේ දැන් පියවරෙන් පියවර සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කර තියෙනවා. ඒකට අපේ රටේ කැබිනට් මණ්ඩලය පහසුකම් සපයන්නන් බවට පත්වෙලා තියනවා.

ත්‍රිකුණාමල වරාය එහි පිරිපහදුවක් හදන්න තෙල් ටැංකි ටික සහිත වරායත් එක්ක අක්කර 33,000ක් දෙනකොට කොරිඩෝවේම මැද කැල්ලක්වෙන කෙරවලපිටියේ බලාගාරය එල් එන් ජී බලාගාරයක් බවට පත් කරන්න අමෙරිකානු සමාගමට 40%ක් දෙන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියනවා. ඒ වගේම එතනින් ගියාට පස්සේ නොරොච්චෝලේ තාප බලාගාරයත් එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න අවශ්‍යය කරන සැලසුම දැන් සකච්ඡා කරමින් ඉන්නවා එකත් අර අමෙරිකානු සමාගමටම දුන්නාම ආන්න කොරිඩෝව දිගටම හැදෙනවා නෑ කියපු එම්.සී.සී. අත්සන් නොකරම අමෙරිකාව කන මිරිකන්නෙත් නෑ ටොකු අනින්නෙත් නෑ කැබිනට් පත්‍රිකා දාලා ජාතික සම්පත් විකුණන වැඩේ කරමින් ඉන්නවා. ආණ්ඩුව වහාම ජාතික සම්පත් විකුණන්න දාලා තියන පනත් කැබිනට් පත්‍රිකා වහාම අකුල ගන්න”

Exit mobile version