Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“දරුවෝ ඉන්න අය මේ ගැන සැලකිලිමත් වෙන්න; වගකීමෙන් හැසිරෙන්න” – වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

කොවිඩ් 19 වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ළමා කොවිඩ් රෝගීන් ද දිනෙන් දින වැඩි වෙමින් තිබෙන අතර දැනට රෝහල තුළ කොවිඩ් ආසාදිත දරුවන් 125ත් 150ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය. ඒ, (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කොවිඩ් ආසාදිත දරුවන් වැඩි වීම තුළින් අනෙකුත් රෝගවලට ප්‍රතිකාර කිරීමට තිබෙන අවස්ථාව පවා අහිමි වී යන හෙයින් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වැඩිහිටියන් වගකීමෙන් හැසිරෙන ලෙසයි දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

සරුංගල් යැවීම වැනි දරුවන් ඒකරාශී වන ක්‍රියාකාරකම් මෙන්ම වැඩිදෙනෙක් ඒකරාශී වන ස්ථාන වෙත දරුවන් රැගෙන නොයන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

එමෙන්ම වෙනත් රෝගී තත්ත්ව තිබෙන දරුවන්ට කොවිඩ් 19 ආසාදනය වීම බරපතල තත්ත්වයක් ඇති කළ හැකි බැවින් මෙම අනතුර විහිලුවට නොගන්නා ලෙසද දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.

Exit mobile version