Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමස්ත අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා 50% කට වැඩි මුදලක් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට වෙන් කරලා

වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා සියයට 50 කට වැඩි මුදලක් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට වෙන්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ 10500 ක් වන රාජ්‍ය පාසල්වලට සහ 15 කට අධික රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතු`ඵ සමස්ත අධ්‍යාපන පද්ධතියටම රුපියල් බිලියන 21 ක් (කෝටි 2100) වෙන්කරද්දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට පමණක් රුපියල් බිලියන 36 ක් (කෝටි 3600) වෙන්කර ඇතැයි ද පුබුදු ජාගොඩ මහතා කීය.

‘කොවිඩ්’ වසංගතය මධ්‍යයේ උද්ඝෝෂණ කිරීම සුදුසු නොවේ නම් වසංගත මධ්‍යයේ ජනතාවට හොරෙන් වඩාත් සංවේදී පනත් සම්මත කිරීමට උත්සහ කිරීම ද සුදුසු නොවන බව ජාගොඩ මහතා පැවසීය.
නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්ථානයේදී අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා එසේ පැවසීය.

Exit mobile version