Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුහුදු ආරක්ෂණ සේවය යළි රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගමට

සමුද්‍රාරක්ෂක මෙහෙයුම් සඳහා සේවා සැපැයීමේ ව්‍යාපෘතිය පෙර තිබූ පරිදි නගා සිටුවා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගමට පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා එම නියෝගය කර තිබෙන්නේ, සමුද්‍රාරක්ෂක මෙහෙයුම් කටයුතු අධ්‍යයනයන් සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් පත්කර ගන්නා ලද කමිටු වාර්තාවේ නිර්දේශ මත බවද වාර්තා වේ.

සියලුම විදේශීය ගිනි අවි ගබඩා කිරීම, ආරක්ෂාව සැපයීම, අවි නිකුත් කිරීම, මුහුදට රැගෙන යාම, නැවත ගොඩබිමට රැගෙනවිත් ගබඩා කිරීම හා නියාමනය කිරීම මේ අනුව ඇවන්ගාඩ් වෙත පවරා ඇත.

මේ සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඉදිරිපත්කොට තිබේ.

මෙම සමුද්‍රාරක්ෂක මෙහෙයුම් කටයුතු සිදුකිරීමේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම නාවික හමුදාව යටතේ සිදු කිරීමට වග බලා ගත යුතු බවද ජනාධිපතිවරයා සිය ඇමති මණ්ඩල සන්දේශයෙන් අවධාරණය කොර ඇත.

කෙසේ වෙතත් මෙම සමුද්‍රාරක්ෂක මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු මහා භාණ්ඩාගාරයට අති විශාල විදේශ විනමය ප්‍රමාණයක් ලැබෙමින් තිබිණි.

Exit mobile version