Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමති අරුන්දිකට, දොස්තර වෙන්න බැරිවුනේ ඇයි?

උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්වූ තමන්හට වෛද්‍යවරයෙකු වීමට නොහැකි වූයේ විශ්වවිද්‍යාල වල ඉඩකඩ නොමැතිවීම නිසා යැයි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසයි.

“හැබැයි උසස් පෙළ විභාගයෙන් මට වඩා අඩු ලකුණු ගත්ත මගෙ පන්තියේ හිටපු කිහිපදෙනෙක් එයාලගේ පවුල්වල තිබ්බ ආර්ථික ශක්තිය නිසා පිටරට වල විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙලා දොස්තරවරු බවට පත්වුනා.” ඇමති අරුන්දික වැඩිදුරටත් පවසයි.

මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් පල කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි , ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කලේ කිසිදු ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපන අවස්ථාව මුදල් ඇති-නැති කම මත තීරණය නොවිය යුතු බවත් උසස්පෙළ සමත් සියලු සිසුන්හට උසස් අධ්‍යාපනය ලැබිය හැකි ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුලුල් කලයුතු බවත්ය.

Exit mobile version