Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔලිම්පික් පදක්කම් උත්සවයේ දී මුඛ ආවරණය ඉවත් කරන ශූරයින්ට සංවිධායක මණ්ඩලයෙන් අවවාද!

ඔලිම්පික් පදක්කම් උත්සවයේ දී මුඛ ආවරණය ඉවත් කරන ශූරයින් පිළිබඳ සංවිධායක මණ්ඩලයෙන් අවවාද

ඔලිම්පික් පදක්කම් උත්සවයේ දී මුඛ ආවරණය ඉවත් කරන ශූරයින් පිළිබඳ සංවිධායක මණ්ඩලයෙන් අවවාද

ටෝකියෝ පදක්කම් පැළඳවීමේ උත්සවයේ දී, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉරිදා දින නියෝග කර ඇත.

පිහිනුම් ශූරයින් පදක්කම් පළඳින වේදිකාවේ මුඛ ආවරණ ඉවත් කර, අනෙකුත් ශූරයින්ව වැළඳ ගැනීමේ ක්‍රියාවන් දක්නට ලැබුණු තත්ත්වයක් මත මෙම නිවේදනය නැවත වතාවක් ප්‍රකාශයට පත් කොට ඇත.

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා පත් කර ඇති ක්‍රීඩා කමිටුව ගෙන ඇති එක් දැඩි පියවරක් වශයෙන්, සියළුම ක්‍රීඩකයින්, නිළධාරීන් සහ මාධ්‍යවේදීන් ක්‍රීඩා පිටිය ඇතුළත සහ පිටත සියළුම ඔලිම්පික් ස්ථානවල මුඛ ආවරණ පැළඳගෙන සිටීම අනිවාර්ය වේ.

කිරිකිස්ථානයේ සහ කජිකිස්ථානයේ ඔලිම්පික් කණ්ඩායම සිකුරාදා පැවති සමාරම්භක උත්සවයේ දී ජාතික ක්‍රීඩාංගණයෙහි බහුතරයක් මුඛ ආවරණ නොපැළඳ පැමිණියහ. මෙය කොවිඩ් – 19 මාර්ගෝපදේශවලට අනුව මුඛ ආවරණ පැළඳ සිටි වෙනත් ජාතික කණ්ඩායම් සමඟ සැසඳීමේ දී එක් ද්වේශ සහගත වෙනස් වූ ක්‍රියාවක් වේ. ක්‍රීඩාවලට සම්බන්ධ පුදගලයින්ගෙන් තවදුරටත් 10 දෙනෙකු කොවිඩ් – 19 අසාදිතයින් බවට පරීක්ෂණවලින් තහවුරු වුණු බව සංවිධායකයින් ඉරිදා දින දැනුම් දුන්හ.

ජූලි 01 සිට ටෝකියෝ ක්‍රීඩාවලට සම්බන්ධ 130කට අධික පිරිසක් කොවිඩ් – 19 ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු කර ගෙන තිබේ.

Exit mobile version