Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රක්වාන බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා – පොලීසිය

රක්වාන බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා - පොලීසිය

රක්වාන බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා - පොලීසිය

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

රක්වාන දෙමුවාත ස්ටෝරු කඩේ ප්‍රදේශයේ ඉදිකර තිබූ රණවිරු ස්මාරකය සහ ආසන්නයේ තිබූ කුඩා බුද්ධ ප්‍රතිමාව කඩා බිඳ දමා විනාශ කර ඇතැයි රක්වාන පොලීසිය පවසයි.

ලද තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළ බවද පොලීසිය පවසයි. මෙම ස්ථානයේ දේව පිළිමයක් ස්ථාපිත කිරීමට පිරිසක් ගත් උත්සාහයක් පසුගිය කාලයේ තවත් පිරිසකගේ විරෝධය නිසා නතර කිරීමට සිදුවිය.

මෙම රණවිරු ස්මාරකය සහ බුද්ධ ප්‍රතිමාව මෙසේ විනාශ කිරීමට එම සිද්ධිය මුල් වූවාදැයි පොලිසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා දෙදෙනෙක් සිය බාරයට ගත් බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මීට පෙර කුලියාපිටිය ප්‍රදේශයේදී දිලීප් කුමාර් නම් 47 හැවිරිදි පුද්ගලයෙකු බුද්ධ ප්‍රතිමා විනාශ කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර ඔහු ඉන්දීය ජාතිකයෙකු බව පසුව අනාවරණය විය. එසේ අනාවරණය වී දින කිහිපයකින් ඔහු බන්ධනාගාරය තුළදීම මරණයට පතිවීමද විශේෂත්වයකි.

Exit mobile version