Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු

දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකු බව වනජීවි නිළධාරින් පවසයි.

මෙම සැකකරුවන් දඩයමේ යාමට භාවිතා තිබු කැබ් රථය දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් බවට මේ වන විට අනාවර්ණය කරගෙන ඇති බව වනජීවි නිළධාරිහු පවසති.

වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුවන් තබ්බෝව අභය භුමියේ නරිඔය ආසන්නයේදි අද අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි බලපත්‍ර සහිත 9 එම් .එම් .පිස්තෝලයක් හා එයට යොදන පතෝරම් 9ක් හා පතොරම් බහාලුම් දෙකක් ( පුචස් ) සමග බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් සමග දඩයමට යොදා ගැනුන විදුලි පන්දමක් තියුණු පිහියක් තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් හා ගැකට්ටුවක් ඇතුළු දෑ අත් අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු සඳහන් කරති.

මේ සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමානයක් සොයා ගත් බව වන ජීවි නිළධාරින් පවසයි.

Exit mobile version