Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කප්පම් ඇමැතිලා කතාවේ තොප්පිය සනත් නිශාන්ත දාගෙන – ඔහුට කෝටි 15ක ඉස්සන් කොටු තියෙන බව පවසයි

පසුගිය දිනෙක රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පුත්තලමේ කප්පම්කාර දේශපාලකයන් බිහිවී සිටිනි බවත්, ජනාධිපතිවරයා ඇතුලු ප්‍රධානීන් දැනුවත් කළත් පලක් වී නොමැති බවත් කියමින් කළ චෝදනාවට පිළිතුරු ලබා දීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පියවර ගත්තේය.

අනුන්ගෙන් කප්පන් ගැනීමට තරම් තමන් හිඟන්නෙක් නොවන බවත් අක්කර සියයක ඉස්සන් කොටුවක් තමාට ඇති බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එහිදී කියා සිටියේය.

රාජය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා චෝදනා කරන ආකාරයට තමන් කිසි දිනක කප්පම් ගෙන නැති බවත් එසේ කප්පම් ගැනීමට හිඟන්නකු නොවන බවත් පවසන ඔහු තමනට කෝටි 15ක් පමණ වටිනා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක්, අක්කර සියයක ඉස්සන් වගාවක් ඇති බවත් පවසයි.

තම ඥාතීන්ටද ඉස්සන් වගා අක්කර දෙසීයකට වැඩිය ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආනමඩුව ප්‍රදේශයේ වැසිකිලියක් හෝ නැති ජනතාවට බොරළු කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැසිකිලි පෝච්චියක් රැගෙන දී වැසිකිලි සකස්කර දීම කප්පම් ගැනීමක් නම් තමන් ඉන් එහාට ඒ සම්බන්ධයෙන් උත්තර නොදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version