Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති වසා දමන්න උපදෙස් දුන්න ව්‍යාපෘති කාර්යාල තවමත් ක්‍රියාත්මකයි

ජනාධිපති වසා දමන්න උපදෙස් දුන්න ව්‍යාපෘති කාර්යාල තවමත් ක්‍රියාත්මකයි

ජනාධිපති වසා දමන්න උපදෙස් දුන්න ව්‍යාපෘති කාර්යාල තවමත් ක්‍රියාත්මකයි

ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයකට අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පසුගිය ආණ්ඩුව සමයේ නිර්මාණය කළ ව්‍යාපෘති කාර්යාල වසා දැමීමට වත්මන් ජනාධිපතිවරයා උපදෙස් දුන්නද ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත එම කාර්යාල තවමත් ක්‍රියාත්මක බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසයි.

පසුගිය ආණ්ඩුව ඉලෙක්ට්‍රොනික් දුම්රිය ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදය සම්බන්ධ ව්‍යාපෘතියට මිල ගණන් කැඳවීමෙන් පසු චීන සමාගමක් එම කාර්යය සඳහා තෝරාගත් බවත් එහි ගැටලු පවතින බව වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු පැහැදිලි කර දුන් බව් ඔහු පැවසීය.

ඔහු පැවසුවේ, එම පැහැදිලි කිරීම්වලින් පසු අදාළ ව්‍යාපෘති කාර්යාල වසා දමන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නද ප්‍රවාහන අමාත්‍යාංශයේ කරුණු දැක්වීම් හමුවේ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත තවමත් එම ව්‍යාපෘති කාර්යාල ක්‍රියාත්මක වන බවය.

අදාළ ව්‍යාපෘතිය චීන සමාගමට ලබා දීම මගින් විශාල මුදලක් අනවශ්‍ය ලෙස වැය වන බවට ආණ්ඩුව දැනුවත් කළද චීන සමාගම සමග පසුගිය මස ගිවිසුමක් අත්සන් කර ඇති බව දොඩංගොඩ මහතා පැවසීය.

තවද ඔහු පැවසුවේ, චීන සමාගම සමග දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත්කරණය සම්බන්ධ ගිවිසුම අත්සන් කර ඇති නමුත් වෘත්තීය සමිති විරෝධතා හේතුවෙන් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් රජය විසින් පත් කරන ලද බවය. එම ගිවිසුමේ සඳහන් කරුණු හෝ ලැබෙන පහසුකම් මොනවා ද යන්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීමක් හෝ මේ වන තෙක් නොකළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘අනිද්දා‘ පුවත්පතට පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතාගෙන් ඉහත චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, අදාළ කටයුතු නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වන බවය.

Exit mobile version