Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 18ට අඩු පුරවැසියන්ටත් කොවිඩ් මර්දන එන්නත

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීම ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම තත්ත්වය මත අවුරුදු 18 සම්පූර්ණ වූ දරුවන් සඳහාත් කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙමින් පවතින බව ආරංචි මාර්ග පවසයි.

“එමෙන්ම, අවුරුදු 18 සම්පූර්ණ වූ දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් අපට කිසිඳු නිර්දේශයක් ලැබී නැත,” යැයි ඖෂධ නියාමන සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කෙසේ වෙතත්, සයිනොෆාම් සහ ෆයිසර් එන්නත ඇතැම් රටවල පාසල් ළමුන් සඳහා ලබා දෙමින් සිටින අතර මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා අපට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර, වයස අවුරුදු 19 සිට 29 දක්වා පුද්ගලයින් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීම පිළිබඳව බලධාරීන් මෙතෙක් කිසිඳු නිර්දේශයක් ලබා දී නොමැති බවද සඳහන් වේ.

Exit mobile version