Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමේ ක්‍රියාවෙහි නිරතව සිටී – වී. රාධක්‍රිෂ්ණන්

රජය ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමේ ක්‍රියාවෙහි නිරතව සිටී - වී. රාධක්‍රිෂ්ණන්

රජය ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමේ ක්‍රියාවෙහි නිරතව සිටී - වී. රාධක්‍රිෂ්ණන්

වෘත්තීය සංගම් උද්ඝෝෂණවල නිරත වන නායකයින් අත්අඩංගුවට ගැනීම සහ බලහත්කාරයෙන් නිරෝධායනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීම හා සමාන යැයි කඳුරට ජනතා පෙරමුණේ නායක සහ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වන වී. රාධක්‍රිෂ්ණන් මහතා පෙන්වා දුන්නේය.

හැටන්හි (13) දින පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් කියා සිටියේ,

“නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයින් සදාචාරාත්මකව උද්ඝෝෂණය කළහ. ඒ සඳහා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත. මෙම තත්ත්වයේ නිරෝධායන කිරීමේ ගැසට්ටුව උපයෝගී කරගෙන උද්ඝෝෂණයේ නිරත වූවන් මර්දනය කොට අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ව ඇප මත නිදහස් කරන ලදී. කෙසේ වෙතත් පොලිසිය ඔහුව බලහත්කාරයෙන් නිරෝධායනයට ලක් කර ඇත. රට තුළ පොලිස් ආධිපත්‍ය ක්‍රියාත්මක වන බවට මෙම සිදුවීම කදිම සාක්ෂියකි. වෘත්තීය සමිති නායකයින් විසින් අයිතිවාසිකම රැකගැනීම සඳහා කරන උද්ඝෝෂණ මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රබල තර්ජනයක් වී තිබේ.

එමෙන්ම, කඳුරට වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුප ගෙවා ඇති බව පැවසුවද එය ජනතාව රැවටීමට කළ ක්‍රියාවකි. වැඩ ප්‍රමාණය වැඩි කර ඇත. කම්කරුවන්ට එරෙහිව සිදුවන කෙනහිලිකම් වැඩි වී තිබේ. මෙයට විරුද්ධව සියළු දෙනාම ඒකරාශී වී සටන් කළ යුතුය.

කොටියාගල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින්ට නිසි සහන ලබා දී නොමැත. රජයේ නිලධාරීන්ගෙන් විමසූ විට අවශ්‍ය ප්‍රතිපාදන සපයා නොමැති බව ප්‍රකාශ කරති යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

Exit mobile version