Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි බලාපොරොත්තුවෙන්නේ මීට වඩා සක්‍රීය විමර්ශනයක් – මැල්කම් කාදිනල් රංජිත්

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය මෙන්ම එහි පරීක්ෂණ හා විමර්ශන පිළිබඳව අදහස් ඇතුළත් ලිපියක් (13) දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා.

මැල්කම් කාදිනල් රංජිත් හිමි :

“ජනාධිපතිවරයාට අද ලිපියක් ලබාදෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන විග්‍රහ කරලා බලලා තමයි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි සියලුම දේශපාලන පක්ෂවලට දැන්වූවා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට් එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ.”



















Exit mobile version