Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලාල් කාන්ත රජයට අනතුරු ඇඟවයි

නිරෝධායනයට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දුමින්ද නාගමුව යන මහත්වරුන් පී.සී.ආර් පරීක්‍ෂණයකට ලක්කර නිදහස් නොකළහොත් ඉදිරියේදී මෙරට වෘත්තීය සමිති ඒකාබද්ධව මහා වැඩවර්ජනයකට එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ගුරු සංගම් නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් 12වන දිනයේදී පී.සී.ආර් පරීක්‍ෂණයන්ට ලක්කර ඉන් පසු දිනයේදී නිදහස් කරන්නැයි තමන් රජයට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව නිරෝධායන නීතියට මුවාවී වෘත්තීය සමිති නායකයින් මර්දනය කරන බවත්, එය නිරෝධායනයට ගාල් කිරීමක් නොව රැඳවුම් කඳවුරකට ගාල්කිරීමක් බවත් ලාල්කාන්ත මහතා කීවේය.

නිරෝධායන කඳවුරකට යමෙකු යොමු කිරීමට නම් පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකර ඔහු රෝගියෙක් වී තිබිය යුතුයැයි කී ලාල්කාන්ත මහතා ජෝශප් ස්ටාලින් හෝ දුමින්ද නාගමුව ඇතුළු පිරිස එසේ පී.සී.ආර් පරීක්‍ෂණවලට මෙතෙක් යොමු කර නැතැයි ද ප්‍රකාශ කළේය.

මේ අනුව ඊයේ දින පී.සී.ආර් පරීක්‍ෂණයන්ට ලක්කරනු ලැබු දුමින්ද නාගමුව මහතා “අපිට කොවිඩ් නැහැ කියන වාර්තාව ආවා, තවදුරටත් අපිව රඳවාගෙන ඉන්න හේතුවක් නෑ” යනුවෙන් වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත

එම වීඩියෝ පටය පහතින්

https://fb.watch/v/15UFvgjs_/

 

Exit mobile version