Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ – විමල් වීරවංශ

නිහඬ බවත් එක්තරා ආකාරයක අර්ථවත් හඬ නැගීමක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.

කඩුවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් පුද්ගලයෙක් එනවට විරුද්ධව අපි කතා කළේ නෑ. අපි කතා කළේ 20 සංශෝධනය අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය කියන ප්‍රශ්නය නිරාකරණය විය යුතුයි කියන මතය. ඒ ස්ථාවරයේ අපි තවදුරටත් ඉන්නවා.“

ප්‍රශ්නය – බැසිල් රාපක්ෂ මහතා ට මුදල් අමාත්‍යාංශය ලබාදීම ගැන ඔබතුමන්ලාගේ පක්ෂය කැමති ද?

“අපි බැසිල් රාජපක්ෂ මහතයා හරි වෙන කෙනෙක් හරි අපි ගොඩනඟලා තියෙන ආණ්ඩුවේ ඉන්න පාර්ශවකරුවන්. ඒ පාර්ශවකරුවන් අතරින් ඕනම කෙනෙකුට ඕනෑම තනතුරක් දීමට ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. ඒ අයිතිය අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ.“

ප්‍රශ්නය – ඔබතුමා විශ්වාස කරනවා ද කඩා වැටුණු ආර්ථිකය ට පණක් දෙන්නයි එතුමා ආවේ කියලා.

“ආර්ථිකයේ තියෙන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මම දන්නේ නෑ එතුමාට ඒක පුළුවන් වෙයි ද ? බැරිවෙයි ද ? කියලා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඉතා වැදගත්.“

Exit mobile version