Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හයිටි රාජ්‍යයේ ජනාධිපතිවරයාව ඔහුගේ නිවසේදී මරා දමයි

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

හයිටි රාජ්‍යයේ ජනාධිපති ජොවනෙල් මොයිස් ඔහුගේ පෞද්ගලික නිවසේදී ඝාතනය කර ඇතැයි එරට අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජෝසෆ් නිවේදනය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, පෝර්ට් ඔ ප්‍රින්ස්හි පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට නාඳුනන සන්නද්ධ පිරිසක් කඩා වැදී ජනාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

මෙම පහර දීමේදී ජනාධිපතිවරයාගේ බිරිඳ ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

53 හැවිරිදි ජොවනෙල් මොයිස් 2017 වසරේ පෙබරවාරි මාසයේ සිට හයිටි රාජ්‍යයේ ජනාධිපති ධූරය හෙබවූයේ, මිකෙල් මාර්ටෙලි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවය.
ජොවනෙල් මොයිස්ට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබූ අතර නිරන්තරයෙන් ආණ්ඩු විරෝධී කැරලි ඇති වීම හේතුවෙන් ඔහු අභියෝගයන්ට මුහුණ දී සිටියේය.

Exit mobile version