Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ටැබ්” 1612ක් ඌව පළාත තුළ බෙදා හැරිය සෙන්දිල් තොණ්ඩමාන්

"ටැබ්" 1612ක් ඌව පළාත තුළ බෙදා හැරිය සෙන්දිල් තොණ්ඩමාන්

"ටැබ්" 1612ක් ඌව පළාත තුළ බෙදා හැරිය සෙන්දිල් තොණ්ඩමාන්

ඌව පළාතේ බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර සහ වැලිමඩ යන අධ්‍යාපන කලාපවල ඇති දෙමළ සහ මුස්ලිම් පාසැල්වලින් තෝරාගත් පාසැල් 27ක, ගුරුවරුන්ට සහ සිසුන්ට ටැබ් 1612ක් අග්‍රාමාත්‍ය වතු සම්බන්ධීකාරක ලේකම් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ උප නායකයා වන සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් ලබා දී තිබේ.

මෙම ටැබ්, සිසුන් 1,439 කට සහ ගුරුවරුන් 173 දෙනෙකුට ද ලබා දීමට නියමිතය. ඌව පළාතේ ඇති වතු පාසැල් සඳහා පළමු අදියර ලෙස ටැබ් පරිගණක ලබා දී ඇති බව සඳහන් වේ.

ඉහත සඳහන් පාසැල්වලට පළමු අදියර ලෙස මෙම ටැබ් ලබා දී ඇත. තවද තෝරාගත් පාසැල් සඳහා මේ ආකාරයෙන් ටැබ් පරිගණක අනාගතයේදී ලබා දෙනා බව ඔහු ප්‍රකාශ කළේය.

අන්තර්ජාල පහසුකම් නොමැති වතු පාසල් සඳහා වන ‘offline පාසැල්’ යන යෝජනා ක්‍රමය යටතේ, ගෙවීම් කළ නොහැකි සිසුන් සඳහා, ලියාපදංචි කරන ලද අධ්‍යාපන ක්‍රම මඟින් අධ්‍යාපනය ලැබීම සඳහා රූපවාහිනී තිර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය.

තවද, බදුල්ල අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා ටැබ් 484ක් ද, ගුරුවරුන්ට ටැබ් 59ක් ද, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සිසුන්ට ටැබ් 407ක් ද, ගුරුවරුන් සඳහා ටැබ් 50ක් ද, පස්සර අධ්‍යාපන කලාපයේ සිසුන්ට ටැබ් 369ක් ද, ගුරුවරුන් සඳහා ටැබ් 46ක් ද, වැලිමඩ අධ්‍යාපන කලාපයේ සිසුන්ට ටැබ් 179ක් ද, ගුරුවරුන් සඳහා ටැබ් 18ක් ද වන පරිදි ලබා දෙන ලදී.

Exit mobile version