Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“දැන් මේක ව්‍යාපාරික කටයුත්තක් කරගෙන; පියවරෙන් පියවර රට මේ ක්‍රියාවලියට යොමු කළ යුතුයි” – කාබනික වගාවේ වසර ගණනක් නිරත මන්ත්‍රී

"දැන් මේක ව්‍යාපාරික කටයුත්තක් කරගෙන; පියවරෙන් පියවර රට මේ ක්‍රියාවලියට යොමු කළ යුතුයි - කාබනික වගාවේ වසර ගණනක් නිරත ජවිපෙ මන්ත්‍රී

"දැන් මේක ව්‍යාපාරික කටයුත්තක් කරගෙන; පියවරෙන් පියවර රට මේ ක්‍රියාවලියට යොමු කළ යුතුයි - කාබනික වගාවේ වසර ගණනක් නිරත ජවිපෙ මන්ත්‍රී

කාබනික පොහොර පමණක් යොදා වසර ගණනාවක් තිස්සේ වගා කරන අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන සිය අත්දැකීම් මාධ්‍ය වෙත හෙළි කර තිබේ. කාබනික වගාව පිලිබදව ඔහු මෙසේ පවසයි.

” මම මේ වන විට කුඹුරු අක්කර 21 ක ප්‍රමාණයක් කාබනික පොහොර යොදා වී වගා කර දැනට ගොයම් කැපෙමින් පවතිනවා. කිසිම විදියකින් වත් අස්වැන්නේ අඩු වීමක් නැහැ. බඩ ඉරිඟු, වගාවක්ද කර තිබෙනවා. ඒ සදහා දැම්මේත් කාබනික පොහොර.අප කාබනික දියර පොහොර වර්ග වගේම කාබනික කෘමිනාශක වර්ගත් හදා පාවිච්චි කරනවා. ඇත්තටම මෙය ලංකාවේ කළ හැකි හොදම දේ හැටියට මම දකිනවා. මම කාබනිකව එළවළු, වී වර්ග කිහිපයක්ම,ඒ වාගේම බීජී 384 කියන වී වර්ගය, දේශීය වී වර්ග කාබනික පොහොර යොදා නිශ්පාදනය කර තිබෙනවා. බඩ ඉරිඟු සේනා දලඹුවාටත් අප දේශීය බෙහෙතක් නිශ්පාදනය කර තිබෙනවා.

කාබනික පොහොර මාස තුනෙන් දිරන ක්‍රමය තමයි රටේ තියෙන්නේ. නමුත් මම දින 45 න් පමණ කාබනික පොහොර හදනවා. ඒ තාක්ෂණය මට රටට දෙන්න පුළුවන්. අපෙන් ජනාධිපතිතුමා, වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රයෝජන ගන්න ඕන.

ජනාධිපතිතුමා මේ රට කාබනික රටක් කිරීමට ගත් තීරණය හරිම වැදගත්. එහෙත් මේ කාබනික පොහොර දැනට හදන 25000 ක් පමණ රට තුළ සිටිනවා. ඒ අය ජනාධිපතිතුමා ඉදිරියට ගෙනල්ලා ඒ අයගේ ක්‍රමවේද පිළිබදව අධ්‍යයනය කළොත් මේ වැඩේ කරන්නට හරිම පහසු වනවා. නැත්නම් දැනට සමහර මුදලාලිලා දේශපාලන හිතවතුන් සමඟ ඉඩම් ටික බෙදා ගෙන නොයෙකුත් වර්ග යොදමින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන. මේ ක්‍රම වේදය වැරදු­‍ණාත් ඉදිරියට ජනාධිපතිතුමාට මේ කර්තව්‍යය කර ගෙන යන්න අමාරු කාර්යයක් වනවා.

ඒ නිසා ඉතාම පරෙස්සම් වී ලංකාව පුරාම කාබනික පොහොර නිෂ්පාදන කළ යුතුයි. මට පුළුවන් හැමවිටම මම සහයෝගය දෙනවා. දියර පොහොර, කාබනික කෘෂි නාශක වර්ග හදන හැටි දැනුම ‍දෙන්න අපට පුළුවන්.

ජනාධිපතිතුමා හමුවීමට මට අවස්ථාවක් ෙදන්න කියා මා ඉල්ලා සිටිනවා. රටට ජනතාවට සෙතක් වෙන්න ඕන. අපි කාබනික වගාවට යන්න ඕන. කරන විදිය හරියට කරන්න ඕන. වැරදුණොත් අපි ඔක්කොම අමාරුවේ. මේ කාබනික වැඩ සටහන හරියට කලොත් ජනාධිපතිතුමා ඉතිහාසගත වේවි”.

Exit mobile version