Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිංගික සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර

සමලිංගිකත්වය නීතිවිරෝධීයි; ව්‍යවස්ථාපිතව නීතිවිරෝධීයි – අධිකරණයටත් උඩින් ඉන්න පොලීසිය

සමලිංගිකත්වය නීතිවිරෝධීයි; ව්‍යවස්ථාපිතව නීතිවිරෝධීයි – අධිකරණයටත් උඩින් ඉන්න පොලීසිය

ලිංගික සංක්‍රාන්තිකයන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ අයිතිවාසිකම් නීත්‍යානුකූල කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ එකතුවෙන් ආරම්භ කරන ලද මෙම සාකච්ඡාව මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු විය.

කොරෝනා වසංගතය මධ්‍යයේ රජය විසින් ගෙන ඇති තීරණවලට අනුව ලිංගික සංක්‍රාන්තිකයන් සමඟ සන්නිවේදනය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත.

එමෙන්ම, ලිංගික සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාජ අවධානය ඉතා අඩු මට්ටමක දක්නට ලැබෙන බව ද මේ සඳහා එක්ව ක්‍රියා කිරීම සියලු දෙනාගේම වගකීම බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පෙන්වා දුන්හ. තවද, ලිංගික සංක්‍රාතිකයන්ව මින් ඉදිරියට ආබාධිතයන් ලෙස නොසැලකිය යුතු බව ද ඔවුන් වැඩි දුරටත් අවධාරණය කළහ.

Exit mobile version