Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටත් ෆේල් ක්‍රීඩා අමාත්‍යවරයාත් ෆේල් – අර්ජුන රණතුංග

ටෙලිවිෂන්වවලින් ක්‍රීඩා තරග පෙන්වා මුදල් සෙවීමට ඇති අවශ්‍යතාව නිසා අද ඉන්දියාවේ දෙවන පෙළ ක්‍රීඩා කණ්ඩායමක් සමග තරග වැදීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කරයි.

මේ හරහා රට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයාත් ෆේල් වී ඇති බව රණතුංග මහතා පෙන්වා දෙයි.

කිසිදු දැක්මක් සහ දැනීමක් නොමැති පරිපාලනයක් සහ අමාත්‍යවරයෙක් සිටීම හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී තරග බැලීමෙන් වැළකී සිටීමට පවා සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Exit mobile version