Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙටි කතාව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලාංකික ලේඛිකාව: කාන්යා ද අල්මේදා

කෙටි කතාව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලාංකික ලේඛිකාව : කාන්යා ද අල්මේදා

කෙටි කතාව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලාංකික ලේඛිකාව : කාන්යා ද අල්මේදා

2021 වර්ෂය සඳහා වූ හොඳම කෙටි කතාවට හිමි පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානය ශ්‍රී ලාංකික ලේඛිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන කාන්යා ද අල්මේදා මහත්මියට හිමි වී ඇත. මෙමඟින් මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම ආසියානු කලාපිය ජයග්‍රහණය ලද දෙවැනි ශ්‍රී ලාංකිකයා ඇය වේ. ඇය මෙම ජයග්‍රහණය ලබන්නේ “I Cleaned the-” නම් කෙටිකතාව රචනා කරමිනි.

6000කට වඩා අධික අයදුම්පත්වලින් ආසියාවේ හොඳම කෙටි කතාවට හිමි සම්මානය ඉකුත් මැයි මාසයේ දී ආසියානු කලාපීය ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු කන්‍යා ද අල්මේදා සමස්ත තරගාවලියේ ජයග්‍රාහිකාව බවට නිවේදනය කළේ (30) දින පැවැත්වුණු ඔන්ලයින් ත්‍යාග ප්‍රධාන උත්සවයක දීය. ඒ එම වැඩසටහන මෙහෙයවූ බ්‍රිතාන්‍ය-ජැමෙයිකානු රංගන ශිල්පිනි ඩෝනා ක්රෝල් විසිනි.

මෙවර තරගාවලිය විනිශ්චය කරන ලද්දේ දකුණු අප්‍රිකානු ලේඛිකා සෝ විකොම්බ් මුලසුන දරන නයිජිරියානු ලේඛක ඉගොනි බරෙට්, බංග්ලාදේශ ලේඛක කදෙමුල් ඉස්ලාම්, බ්‍රිතාන්‍ය ලේඛක කීත් ජරේට්, ජැමෙයිකානු ලේඛිකා ඩයනා මැක්කෝලේ සහ නවසිලන්ත ලේඛිකා ටීනා මැකරෙටි සාමාජිකත්වය හොබවන අන්තර්ජාතික විනිසුරු මණ්ඩලයක් විසිනි.

ප්‍රකාශයට පත් නොකළ විශිෂ්ටතම ප්‍රබන්ධ කෙටිකතාව වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ මෙවර තරගාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 50 නියෝජනය කරමින් කෙටිකතා 6423ක් ඉදිරිපත් කර තිබුණු බව සංවිධායකයෝ පවසති.

Exit mobile version