ශ්‍රී ලංකා ද්‍රවිඩයන්ට ආරක්ෂිත රජයක් ලෙස ඩී. එම්.කේ පක්ෂයේ රජය පෙනී සිටින බව ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්ත රජයේ සුළු ජාතික සුභසාධන සහ විදේශයන්හි වාසය කරන ද්‍රවිඩ ජන අමාත්‍ය සෙන්ජි කේ.එස්. මස්තාන් මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අනාථ කඳවුරුවල වාසය කරන සරණාගතයින්ගේ අකමැත්තෙන් ශ්‍රී ලාංකාවට ආපසු යැවීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඔහු ප්‍රකාශ කළ බව “ද හින්දු පුවත්” ආරංචි මාර්ගවලට සඳහන් වේ.
අනාථ කඳවුරුවල රැඳී සිටින අයගේ පුරවැසිභාවය ඇතුළු සියලු ඉල්ලීම් තමිල්නාඩු මහඇමතිවරයාගේ අවධානයට යොමු කරන බව අමාත්‍ය සෙන්ජි කේ.එස්. මස්තාන් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සරණාගත කඳවුරුවල නවාතැන් පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔවුන් සඳහා මහල් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඔහු පැවසීය.