Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යාපනයේ යුද හමුදාව වගා කළ මිරිස් අස්වැන්න නෙළයි

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වගා කළ යාපනයේ යුද හමුදාව, මිරිස් අස්වැන්න නෙළයි

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වගා කළ යාපනයේ යුද හමුදාව, මිරිස් අස්වැන්න නෙළයි

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් හෙක්ටයාර් 6ක ගොවිපලේ භූමි ප්‍රමාණයක සාර්ථක මිරිස් වගාවක් සිදු කර තිබේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් පරිද් යුදහමුදා සෙබළ සෙබලියන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම මිරිස් වගාව වගා කිරීමට පියවර ගෙන තිබුණි.

එලෙස වගාකරන ලද මිරිස් වගාවේ අස්වැන්න මේ දිනවල නෙලීම සිදුකෙරෙන අතර මෙවර මිරිස් අස්වැන්න ඉතා සාර්ථක බවටද යුද හමුදාව පවසයි.

මිරිස් අස්වැන්න ඉදිරියේදී යුද හමුදා සේනාංකයන්හි අවශ්‍යතාවන් වෙනුවෙන් මෙන්ම වෙළඳපොලටද ලබා දිමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ.

Exit mobile version