Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) කොවිඩ් සංඛ්‍යා ලේඛන කුමන්ත්‍රණයක් ද? සංඛ්‍යාලේඛන වැරැද්දක් නිසා දින හතක් සංචරණ සීමා පැනවීමට සිදු වූවා ද?

කොවිඩ් සංඛ්‍යා ලේඛන කුමන්ත්‍රණයක් ද? සංඛ්‍යාලේඛන වැරැද්දක් නිසා දින හතක් සංචරණ සීමා පැනවීමට සිදු වූවා ද?

කොවිඩ් සංඛ්‍යා ලේඛන කුමන්ත්‍රණයක් ද? සංඛ්‍යාලේඛන වැරැද්දක් නිසා දින හතක් සංචරණ සීමා පැනවීමට සිදු වූවා ද?

කොරෝනා සම්බන්ධ දත්ත ලබා නොදීම කුමන්ත්‍රණයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා (18)ප්‍රකාශයක් සිදු කළේය. මේ අතර (19) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එය කුමන්ත්‍රණයක් යැයි, සැලකීමට හැකියාවක් නොමැති බවයි.

අපිට ඇත්තටම කුමන්ත්‍රණයක් කියලා ඒක සලකන්න පුළුවන් කමක් නැහැ. නමුත් දත්ත ඉදිරිපත් කිරීමේදි අඩුපාඩු තිබුණා. දැන් ඒක නිසා තමයි අපි ඇත්තටම දැන් මියගිය අයගේ දත්ත වුනත් අපි දැන් පැය 24ක් ඇතුළත සිදුවෙන දත්ත අපි අනිත් පහුවදාට අපි දෙනවා. ඒ නිසා පසුගිය කාලේ සිදු වෙච්ච ඒ වැරදි නිවැරදි කිරීම සඳහා තමයි අපි මෙම ප්‍රතිව්‍යුහගත කරනය අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ.

සංඛ්‍යාලේඛන වැරැද්දක් නිසා දින හතක් සංචරණ සීමා පැනවීමට සිදු වූවා ද?

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවුසවේ, ඒ තීරණ ගත් ප්‍රධාන ආයතනවලින් ඒ පිළිබඳව පැහැදිලිකර ගත යුතුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලෙස මේ අවස්ථාවේ ඒ පිළිබඳව ප්‍රකාශක් සිදු කිරීමට අපහසු බවත්ය.

”මේ සම්බන්ධයෙන් ඒ තීරණ ගන්නා අවස්ථාවලදී එක් තොරතුරක් මත නෙවෙයි සිද්ධවෙන්නේ ඒ නිසා ඒ තීරණ ගත්ත ප්‍රධාන ආයතන වලින්ම තමයි ඒ පැහැදිලිකර ගැනීම කරගන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ හැටියට මේ මොහොතේ ඒ ගැන ප්‍රකාශක් කරන්න අමාරුයි”

මේ අතර (18) වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.

Exit mobile version