Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්, අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් කළා – ඇල්ලේ ගුණවංශ හිමි

(VIDEO) මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි

(VIDEO) මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙන ඒම සඳහා දිවා රෑ වෙහෙස වූ පිරිස දැන් ඒ මහතා ළඟ නොමැති බවත් දැනට ඒ මහතා වටා සිටින පිරිස රටේ නිවැරදි තත්වය ඒ මහතාට පෙන්වා නොදෙන බවත් මේ වනවිට ජනතාවගෙන් බහුතරය මහපාරටම වැටී ඇති බවත් වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටු කළ භික්ෂුන් වහන්සේ නමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

“අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතාම දක්ෂ, කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් ඇති නායකයෙක් හැටියට කල්පනා කළා. මේ එතුමා වටා ඉන්න පිරිස, එතුමා නොදැනුවත්ව හෝ මේ වෙන විපත අපට පේනවා.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට කිවයුතුව තියෙනවා, එතුමා බිමේ දේශපාලනය කරපු නායකයෙක්. ඒ ප්‍රතිරූපයට තමයි මේ රජය අපි බලයට පත් කළේ. මේ ප්‍රශ්නය අතට අරගෙන, කරුණාකරලා, එතුමා අගමැති හැටියට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳන්න. එක අතකට ගොවියන්ට ප්‍රශ්න, තව පැත්තකට මහජන දේපළ අලෙවිකිරීමේ ප්‍රශ්නය, තව පැත්තකට නැවේ ප්‍රශ්නය, තව පැත්තකට අපේ අහිංසක සතුන් ටික මහමුහුදේ මියැදෙන ප්‍රශ්නය, තව පැත්තකට ජීවත් වීමේ ගැටළු … මේ ප්‍රශ්න රාශියකට මැදිවුණු රටක්. මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඒක නිසා ගරු අගමැතිතුමනි ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ, ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මං හිතනවා ගරු ජනාධිපතිතුමාට නිසි පරිදි මේ තත්වය පැහැදිලිව පෙන්නුම් කරන්නෙ නෑ. එතුමා බලයට ගේන්න දිවා රෑ නොතකා වැඩකරපු පිරිස එතුමා ළඟ නැති බව දැන් අපට පේනවා, අපිත් එහෙම නෑ කියන එක අපටත් දැනිලා අපිත් තේරුම් අරන් තියෙනවා. මේ රටක් ඉතුරු වෙයිද අපට මෙහෙම කළොත් ? අපේ මිනිස්සු දුක් විඳින නිසා රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා හොඳට ඇහැ ගහලා බලන්න මේ රට දෙස කියලා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව පැවසුවේ (17) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Exit mobile version