Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශානි අබේසේකරගේ ඇප කොන්දේසි සම්පූර්ණයි: බන්ධනාගාරයෙන් මුදාහරින්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප‍ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇපමත මුදා හරින්නැයි (17) අභියාචනාධිකරණය නියෝග කළේය. කෙසේ නමුත් සැකකරුවන් දෙදෙනා මුදා හැරීම කල්දැමීමට සිදු වූ අතර ඊට හේතුව වූයේ අභියාචනාධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීමයි.

(18) ගම්පහ මහාධිකරණය විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට සහ මහර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබෙන්නේ, ඇප කොන්දේසි සම්පූර්ණ කර ඇති හෙයින් ඔවුන් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා නිදහස් කරන ලෙසයි.

රුපියල් 25,000 ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියෝග කළ අතර ඒ අනුව ශනි අබේසේකර මහතා වෙනුවෙන් ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකු (18) ගම්පහ මහාධිකරණය හමුවේ ඇප කොන්දේසි සපුරා තිබෙනවා. සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඉදිරිපත් වී තිබෙනවා.

මෙම කොන්දේසිවලට අමතරව සැකකරුවන්ගේ විදේශ ගුවන් ගමන් බලපත්‍ර ද ගම්පහ මහාධිකරණය විසින් රඳවාගෙන තිබෙනවා.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත ශානි අබේසේකර මහතා අත්ඩංගුවට ගත් අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී සුගත් මෝහන මෙන්ඩිස් මහතාද අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් දෙදෙනා මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Exit mobile version