Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවට රජයේ රෝහල්වලින් බෙහෙත්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය

ජාතික ඖෂධ නියාමන අධිකාරිය

අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා පෞද්ගලික අංශයෙන් ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි .

එවැනි රෝගාබාධ සඳහා නිසි වේලාවට ඖෂධ ලබා නොගැනීම කොවිඩ් වැළඳීම තරම්ම භයානක යැයිද ඔහු ප්‍රකාශ කළේය.

එම නිසා ළඟම ඇති රෝහලට ගොස් තමන්ගේ බෙහෙත් වට්ටෝරුවේ ඇති අඩුපාඩු වහාම සපුරා ගන්නා ලෙසද ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version