Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන හමුදා තර්ජන ගැන නේටෝවෙන් අනතුරු අඟවීමක්

චීන හමුදා තර්ජන ගැන නේටෝවෙන් අනතුරු අඟවීමක්

චීන හමුදා තර්ජන ගැන නේටෝවෙන් අනතුරු අඟවීමක්

චීනයෙන් එල්ල වන හමුදා තර්ජන පිළබඳ නේටෝ සන්ධානය අනතුරු අඟවා තිබේ.
නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටොල්ටන් බර්ග් එලෙස අනතුරු ඇඟවූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුරදී පැවැත්වෙන එහි මෙවර සමුළුවට එක්වෙමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ එම තර්ජන සමස්ත පද්ධතියටම අභියෝගයක් බව නේටෝ ප්‍රධානීයා පවසා ඇති බවයි.

චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව වේගයෙන් වර්ධනය කරමින් සිටින බවත්, රුසියාව සමග හමුදාමය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු පවසා තිබේ.

එහෙත් නේටෝ සන්ධානයට චීනය සමග නව සීතල යුද්ධයක් අවශ්‍ය නොවන බව ඔහු අවධාරණය කර ඇත.

නේටෝ යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාපනය කළ යුරෝපීය හා උතුරු ඇමරිකානු රටවල් 30 ක් අතර ප්‍රබල දේශපාලන හා මිලිටරි සන්ධානයකි.

Exit mobile version