Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු ක්‍රියාකාරිත්වය 77% කින් අඩුවේ: මදුරුවන්ට බැක්ටීරියා ආසාදනය කර සිදුකළ පෙරළිකාර පරීක්ෂණයක් පලදරයි

ඩෙංගු 77% කින් අඩු වේ: ඩෙංගු පතුරන මදුරුවන් හැසිරවීමෙන් සිදුකළ "පෙරළිකාර" පරීක්ෂණයක් පලදරයි

ඩෙංගු 77% කින් අඩු වේ: ඩෙංගු පතුරන මදුරුවන් හැසිරවීමෙන් සිදුකළ "පෙරළිකාර" පරීක්ෂණයක් පලදරයි

ඩෙංගු පතුරන මදුරුවන් හැසිරවීමෙන් සිදුකළ පෙරළිකාර පරීක්ෂණයක් නිසා ඩෙංගු උණ රෝගීන් 77% කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව විද්‍යාඥයෝ පවසති. ආශ්චර්යමත් බැක්ටීරියාවක් භාවිත කර ඩෙංගු රෝගය පතුරවන මදුරුවාගේ ක්‍රියාකාරිත්වය අවම කිරීමට ඔවුන් ක්‍රියා කර ඇත.

මෙම අත්හදා බැලීම ඉන්දුනීසියාවේ යෝග්යාකර්තා නගරයේ සිදු වූ අතර වෛරසය තුරන් කිරීමේ අපේක්ෂාවෙන් එම පරීක්ෂණ පුළුල් කර තිබේ.
ලෝක මදුරු වැඩසටහන් කණ්ඩායම පවසන්නේ මෙය ලොව පුරා පැතිරී ඇති වෛරසයකට විසඳුමක් විය හැකි බවය.

මීට වසර 50 කට පෙර ඩෙංගු රෝගය ගැන අසා තිබුණේ ස්වල්ප දෙනෙක් පමණි. නමුත් එය ඉතා සෙමින් පැතිරුණ වසංගතයක් වූ අතර රෝගීන් ගණන විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

1970 දී රටවල් නවයක් පමණක් දරුණු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති නමුත් දැන් වසරකට ආසාදන මිලියන 400 ක් පමණ වාර්තා වේ.

මාංශ පේශි හා අස්ථිවල දැඩි වේදනාවක් ඇති කරන නිසා ඩෙංගු පොදුවේ හඳුන්වන්නේ “අස්ථි බිඳෙන උණ” ලෙසය. එමෙන්ම එය විශාල ලෙස පැතිරී ගොස් රෝහල් පිරී යා හැකිය.

සතුරාගේ සතුරා
පරීක්ෂණය සඳහා ‘වුල්බකියා (Wolbachia)’ නම් බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන් භාවිත කර තිබිණි. පර්යේෂකයෙකු වන ආචාර්ය කේටි ඇන්ඩර්ස් ඔවුන්ව විස්තර කරන්නේ “ස්වාභාවිකවම ආශ්චර්යමත්” සතුන් ලෙසය.

වුල්බකියා බැක්ටීරියාව මදුරුවාට හානියක් නොකරන නමුත් එය ඩෙංගු වෛරසයට ඇතුළු වීමට අවශ්‍ය, මදුරුවාගේ ශරීරයේ කොටස්වල තැන්පත් වේ.

බැක්ටීරියාව ශරීරය තුළ සම්පත් සඳහා තරගයක නිරත වන නිසා ඩෙංගු වෛරසයට නැවත ප්‍රතිනිර්මාණ වීම වඩාත් අපහසු වේ. එබැවින් මදුරුවා නැවත දෂ්ට කළ විට ඩෙංගු ආසාදනය වීමට ඇති ඉඩකඩ අඩුය.

Exit mobile version