Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන් තමයි ඝාතනයට ලක්වූයේ” කියූ වෛද්‍ය හේමන්ත හේරත් සමාව ඉල්ලයි

කොවිඩ් සම්බන්ධව සුභදායී කාලයක් – වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් සම්බන්ධව සුභදායී කාලයක් – වෛද්‍ය හේමන්ත හේරත්

පසුගිය කාලය තුළ ඝාතනයට ලක්වූයේ තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන් යැයි කියූ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය සංවිධාන එකතුවෙන් සමාව ඉල්ලා ඇත.

ජුනි 07 වැනිදා මාධ්‍ය සංවිධාන එකතුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වෙත යවන ලද ලිපියට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයකින් ජුනි 08 වැනිදා මාධ්‍ය සංවිධාන වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය හේරත් මෙම සමාව ගැනීම කර ඇත.

නිල මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් සමඟ සිදුවූ අදහස් හුවමාරුවකදී කරන ලද එම ප්‍රකාශය මාධ්‍ය සංවිධාන නිර්වචනය කර ඇති අදහස ගම්‍ය කිරීම සඳහා කරන ලද්දක් නොවන බව අවධාරණය කරන බවත්, එවැනි අදහසක් ගම්‍ය වන ප්‍රකාශයක් කිරීමට මොනම ආකාරයේ අවශ්‍යතාවක් හෝ අභිප්‍රායක් නොතිබුණ බවත් එම ලිපියෙන් වෛද්‍ය හේරත් අවධාරණය කර ඇත.

එම ප්‍රකාශය හේතුවෙන් මාධ්‍යවේදීන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට කිසියම්ම හෝ සිත් තැවුලක් ඇතිවූයේ නම් අදාල සියලු දෙනා වෙත කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරන බව එහි සඳහන්ය.

Exit mobile version