Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕස්ට්‍රේලියාවට “ඩෙල්ටා – ඉන්දියානු’’ කොරෝනා ප්‍රභේදය අරන් ගියේ ලාංකිකයකු නොවේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නහි කොරෝනා පොකුරක් ඇති කිරීමට මුල්වූ පුද්ගලයා මෙරට සිට එහි ගිය පුද්ගලයකු නොව මෙරට හරහා ගිය පුද්ගලයකු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය .

ඔහු වෙනත් රටකින් පැමිණ මෙරට ගුවන් තොටුපළ හරහා පිටව ගිය පුද්ගලයකු පමණකැයිද මෙනිසා ඔහුගෙන් මෙරට සමාජයට කිසිදු බලපෑමක් නැති බවද ඔහු ප්‍රකාශ කළේය. ජීවන්දර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී, 10වන දින පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් පසුගියදා හමුවූ කොවිඩ් පොකුරට මුල්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයකු බවට එරට බලධාරීන් පැවසූ බව විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කර තිබිණ .

එමෙන්ම ලංකාවේ බහුතර මාධ්‍යන්වලද වාර්තා කර තිබුනේ ශ්‍රී ලාංකිකයෙකුගෙන් මෙය ව්‍යාප්ත වූ බවයි

Exit mobile version