Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමාජ මාධ්‍යවල බොරු දැම්මොත් වරෙන්තු නැතිවම ඇතුළේ

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු – ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

අසත්‍යය ප්‍රචාර ව්‍යාප්ත කිරීම මගින් මහජනතාව අතර අසමගිය සහ වෛරය ඇතිකිරීමත් කොවිඩ් 19 වැඩපිළිවෙලට බාධා පැමිණීමත් සිදුවිය හැකි බැවින් එවැනි අසත්‍යය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍යය ප්‍රචාරයන් මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සදහා පෙළඹීමද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙයි.

මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්ධනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවද පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනය මගින් අවධාරණය කර ඇත.

පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Exit mobile version