Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාමල් රාජපක්ෂ 2022 අගමැති වෙනවා කියන්නේ කටකතාවක් විතරයි – කෙහෙළිය

නාමල් රාජපක්ෂ මහතා 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේය යනුවෙන් පැතිරෙන පුවත් හුදෙක් කටකතා පමණක් බවත් ඒවා බැරෑරුම් ලෙස සැලකිය යුතු නොමැති බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“මං හිතන්නෙ මේවා දේශපාලනයේ තියෙන සැකසහිත දේවල්. දැනට පැතිරෙමින් පවතින කතා දිහා බැලුවොත් මේ වගේ හෙට තව නමක් ගැන කතා කරන්න පුළුවන්. මම නම් වශයෙන් කියන්න ඕනෙ නැහැ. මාධ්‍යවේදීන් විදියට ඔබ ඒවා දිහා බරපතළ විදියට බලන්න එපා. ඒවා රටපුරා පැතිරෙන කටකතා විතරයි. මෙහෙ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම කටකතා පැතිරෙනවා. ඒ හින්දා මේ දේවල් නිශ්චිතව තහවුරු වෙනකල් අපි ඒ ගැන වැඩිය හිතන්න හොඳ නෑ. සමහර වෙලාවට මේවා චෝදනා විතරයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ(08)කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Exit mobile version