Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා රෝගීන් ප්‍රවාහනය බරපතළ ගැටලුවක් – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

පාසල් ආරම්භ කිරීමට සුුදුසු වාතාවරණයක් සකස් වී නොමැති නිසා පාසල් ආරම්භ කිරීම සුදුසු නැහැ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

පාසල් ආරම්භ කිරීමට සුුදුසු වාතාවරණයක් සකස් වී නොමැති නිසා පාසල් ආරම්භ කිරීම සුදුසු නැහැ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

කොරෝනා රෝගීන් ප්‍රවාහනය සඳහා බස්රථ සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

කොරෝනා රෝගීන් ප්‍රවාහනය සඳහා පෞද්ගලික අංශය බස්රථ මොනම ආකාරයකටවත් ලබා නොදෙන බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බස්රථ අද ලබා ගැනීමට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් පමණකැයිද ප්‍රකාශ කළේය.

රෝගීන් ප්‍රවාහනයේදී යම් යම් ගැටලු මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී ඒ ප්‍රවාහන ගැටලු විසඳා දෙන බවත් අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ නිලධාරින් ඒ සඳහා සූදානමින් සිටින බවත් හේමන්ත හේරත් මහතා පැවසීය.

ප්‍රවාහන කටයුතුවලදී යම් යම් ආයතන වලට ප්‍රශ්නයක් මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය අමතා ඒ ගැටලු නිරාකරණය කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version