Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බුද්ධි අංශ බව පවසමින් මාධ්‍යවේදියෙකුගෙන් වරින් වර ප්‍රශ්න කරලා – පොලිස්පතිට ලිපියක්

තමාගේ බිරිඳ සහ සහෝදරියගේ නිවෙස්වලට පොලීසිය, බුද්ධි අංශ සහ රහස් පොලීසිය බව පවසමින් විවිධ කණ්ඩායම් පැමිණ වරින් වර ප්‍රශ්න කර ඇති බවත්, එසේ පැමිණියේ පොලීසියේ නිලධාරීන්දැයි සැකයක් ඇති බවත් සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන රාමචන්ද්‍රන් සනත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කර තිබේ.

රාමචන්ද්‍රන් සනත් ‘උදයන්’ පුවත්පතේ සහ වෙබ් අඩවි කිහිපයක ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන අතර ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන කිහිපයක ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරයි. ඊට අමතරව ඔහු කඳුරට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

 

Exit mobile version