Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු රජය විසින් ධවල මන්දිරයේ වෙසක් උත්සවය සමරයි

එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට වෙසක් උත්සවය සමරයි

එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට වෙසක් උත්සවය සමරයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.

මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ තේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන් ගේ සහභාගිත්වයෙනි.

තේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාවට සහභාගි වුයේ, උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ය.

උත්සවයේ දී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියේ, ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේදී පැවැත්වීම ඇමරිකානු ජනාධිපති වරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.

Exit mobile version