Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ බෝම්බ බියක් ඇතිකර බෙලරුසියාවට බලෙන් ගොඩබෑ “රයන්එයා” ගුවන්යානය

ව්‍යාජ බෝම්බ බියක් ඇතිකර බෙලරුසියාවට බලෙන් ගොඩබෑ "රයන්එයා" ගුවන්යානය

ව්‍යාජ බෝම්බ බියක් ඇතිකර බෙලරුසියාවට බලෙන් ගොඩබෑ "රයන්එයා" ගුවන්යානය

රීසියේ ඇතැන්ස් නගරයේ සිට ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබූ “රයන්එයා” ගුවන්යානයක් ව්‍යාජ බෝම්බ බියක් ඇතිකර බෙලරුසියාවට බලෙන් හරවා ගැනීම පිළිබඳව යුරෝපීය සංගමය සිය විරෝධය පළකරයි.
බෙලරුසියානු ප්‍රහාරක ගුවන්යානයක් යොදවා එම “බලහත්කාරකම” ක්‍රියාවට නංවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ගුවන් යානය බෙලරුසියාවේ අගනුවර වන මින්ස්ක් හි ගොඩබෑ විට එහි සිටි බෙලරුසියානු මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාධරයෙක් වන රෝමන් ප්‍රෝටසෙවිච්ව බෙලරුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ව්‍යාජ හේතුවක් පෙන්වා එම ගුවන්යානය තම රට තුළ ගොඩ බැස්සවීමට ක්‍රියාකර ඇත්තේ එම මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගැනීමට බව විදෙස් මාධ්‍ය පැවසීය.

අමෙරිකාව එය “බියකරු ක්‍රියාවක්” ලෙස හඳුන්වා දුන් අතර යුරෝපා සංගමය පැවසුවේ එම ක්‍රියාව “පැහැරගැනීමක්” බවය.

1994 සිට එරට පාලනය කරනු ලබන ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, පසුගිය අගෝස්තු මාසයේදී මතභේදයට තුඩුදුන් මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව ආණ්ඩුවිරෝධීන්ට එරෙහිව දැඩිව කටයුතු කරයි.

විපක්ෂයේ බොහෝ දෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර සමහරු එරටින් පැනගොස් තිබේ.

රෝමන් ප්‍රෝටසෙවිච්ද එරටින් පැනගොස් ලිතුවේනියාවේ ජීවත්වන අතර ඔහු ග්‍රීසියට ගොස් තිබුණේ ජාත්‍යන්තර ආර්ථික සමුළුවක් ආවරණය කිරීම සඳහා ය.

Exit mobile version