Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෝට් සිටි පනතට ඡන්දය විමසීමේදී පාර්ලිමේන්තුවෙත් ගණන් වැරැදිලා

පක්ෂව ඡන්ද 151ක් දීලා
ඇමැති අලි සබ්රිගේ ජයරත්න හේරත්ගේ ඡන්ද සලකුණු වී නෑ

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේ ඡන්ද 151ක් ලැබී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී තිබුණත් තාක්ෂණික දෝෂයක් නිසා එය සඳහන් වී තිබෙනුයේ 149ක් වශයෙන් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.

කොළඹ වරාය පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටි අධිකරණ ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහත්වරුන්ගේ ඡන්දය සටහන් වී නොමැති බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.

දෙවැනි වර ඡන්දය ගන්නා අවස්ථාවේ ඇමැති අලි සබ්රි, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක හා ජයරත්න හේරත් යන අය සභා ගර්භයේ සිටි අතර, තුන්වැනි වර කියවීමේදී එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා පමණක් සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.

තුන් වැනි වර කියවීමේදී සභා ගර්භයේ රැඳී සිටි ඇමැති අලි සබ්රි හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහත්වරුන් සභාගර්භයේ රැඳී සිටියත් එම ප්‍රකාශිත ඡන්දය තාක්ෂණික දෝෂයක් නිසා සඳහන් වී නොමැති බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පවසති.

පොදු ජන පෙරමුණ කාර්යාලයේදී 21වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version