Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය අසල මුහුදේ නැංගුරම් ලා තිබූ රසායනික ද්‍රව්‍ය සහිත නෞකාවේ ගින්න නිවීමේ කටයුතු තවදුරටත්

කොළඹ වරාය ළග තිබූ ‘රසායනික’ බඩු නැවක ගින්නක්; නිවීමට නාවික සහ ගුවන් හමුදාව

කොළඹ වරාය ළග තිබූ ‘රසායනික’ බඩු නැවක ගින්නක්; නිවීමට නාවික සහ ගුවන් හමුදාව

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු අද දෙවන දිනට තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් එක්වී සිටිනවා.

අද දහවල් නෞකාවේ ගින්න දැඩි ලෙස ව්‍යාප්ත වු අතර පස්වරුවේ එය යම්තාක් දුරට පාලනය වුණා.

නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් අද පස්වරුවේ ළගා වී ඇත, ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කර ඇති අතර, නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇත.

නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීයනු සහ රුසියානු ජාතිකයින් 25ක ගෙන් සමන්විත වේ.

මෙම ගින්න නිසා මෙරට සාගර කලාපයට සිදු වි ඇති හානි සොයා බැලිම සඳහා ගින්න හට ගත් නෞකාව අවට සාගරයේ ජල සාම්පල රැගෙන ඒම අද සිදු කෙරුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්.

 

Exit mobile version