Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රතිවාදීන් නිලවරණයෙන් ඉවත් වීම නිසා ශම්මි සිල්වා නිතරගයෙන් ක්‍රිකට් සභාපති ධුරයට

ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට

ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා පිට පිට දෙවැනි වරටත් (20) යළි තේරී පත් විය.

ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගින් ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත් වූහ.

ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතාත්, උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් තේරී පත්වූහ.

ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙස පත් වූ අතර භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතාද නිතරගයෙන් තේරී පත් වුහ.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා ඔවුන්ගේ ධූර කාළය බලපැවැත්වෙනු ඇත.

Exit mobile version