Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එන්නත් සැපයුම පෞද්ගලික අංශයට: ගජ මිතුරන් සතුටු කිරීමේ ප්‍රයත්නයක්ද?

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය එන්නත් මිලියන දහයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනිමට ක්‍රියාකරන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති 117 මෙහෙයුම් මැදිරියේ කටයුතු නිරික්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය ඇමතු රාජ්‍ය ඇමතිවරිය “අපිට මේ වන විට ආස්ට්‍රාසොනිකා එන්නත් ලක්ෂ 6 ක පමණ අඩුවක් තියෙනවා. ඊට අමතරව අපි විශේෂයෙන්ම පෞද්ගලික අංශයට කියලා තියෙනව අපිට මිලියන දහයක් එන්නත් හොයලා දෙන්න කියලා.” යනුවෙන් පවසයි.

ඇමතිවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරන සෞඛ්‍ය අංශ ප්‍රධානින් රට තුල එන්නත් හිඟයක් ඇතිකර එන්නත් මිලදී ගැනීමද තම ගජ මිතුරු ව්‍යාපාරික කල්ලියකට පැවරිමේ කොන්ත්‍රාත්තුවක් ආන්ඩුවේ ප්‍රධානින් විසින් ඉටුකරමින් ඉන්නාවාදැයි බලවත් සැකයක් ඇතිවන බව පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ලොව සියලුම කොරෝනා එන්නත් නිෂ්පාදකයන් ගණුදෙනු කරන්නේ රටවල් වල ආණ්ඩු සමඟ බවයි. එවන් තත්වයක් යටතේ එන්නත් මිලදී ගැනිමේ ක්‍රියාවලියේදි ශ්‍රී ලංකා ආණ්ඩුවට වඩා වැඩි හැකියාවක් පෞද්ගලික අංශය සතුවන්නේ කෙසේ දැයි යන්න ප්‍රහේලිකාවක් බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

Exit mobile version