Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචරණ නීති සංචාරකයින්ට අදාළ නෑ: රටේ ඕන තැනකට යන්න පුලුවන්!

දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමේ හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවය.

ඒ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරකයින් රැගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ඊට අදාළ ආයතන ඇතුළු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

එලෙස කටයුතු නොකරන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය පෙන්වා දුන්නාය.

Exit mobile version