Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව දරුණුතම ආර්ථික අවපාතයක – නිදහස ලැබීමෙන් පසුව ප්‍රතම වරට

ඉන්දියාවේ කොරෝනා වසංගතය උග්‍ර වීම සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා ඉදිරිපත් කරනු ලබන බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව දෙසද තම අවධානය යොමු කරමින් සිටිති. මෙම වසරේ අප්‍රියෙල් මාසයේදී ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් මිලියන මිලියන 500ක් ලබා ගනු ලැබුවේ තම විදේශ සංචිත කළමනාකරණය කරගැනීම සඳහා වන අතර මෙම වසරේ මාර්තු මාසයේදීත් චීනයේ (China Development Bank)සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ණයක් ලබාගෙන ඇත්තේ චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩවල පිරිවැය සමතුලිත කරගැනීමට බව ඔවුන් පෙන්වා දෙති.

සංචාරක, ඩයස්පොරා මුදල් හා ඇඟුළුම් කර්මාන්ත කඩා වැටීම හේතුවෙන් භයානක ආර්ථික අර්බුදයක වැටී සිටින ශ්‍රී ලංකාව තවත් ඩොලර් මිලියන 500ක ණයක් (11) දිනයේ ලබාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටිති. විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිවීම මත විශේෂයෙන්ම චීනයෙන්ද වසර 40කින් ගෙවා දැමීමට ඉලක්ක කරමින් 0.15% – 0.20% පොළි අනුපාතය යටතේ ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන් ලබා ගෙන ඇත.

පසුගිය වසර 10ක කාලය තුලදී රටේ විදේශීය සංචිත ඉතාමත්ම අඩුම අගයක් (ඩොලර් බිලියන 4.5) වාර්තා කරනුයේ මේ වසරේදී වන අතර පසුගිය වසරේදී ආර්ථික අවපාතය කෙතරම් උග්‍ර වීදයත් 1948 නිදහස ලැබීමෙන් පසුව වාර්තා කරනු ලබන අඩුම අගය එය ලෙස බටහිර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති. පසුගිය වසරේදී අභ්‍යන්තර දළ ජාතික නිෂ්පාදනයෙන් 3.6(PIB)ක් කොරෝනා වසංගතය නිසා රටට අහිමිවීම මෙයට හේතු ලෙස එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ වනවිට යුරෝපයේ රටවල් රාශියක් ශ්‍රී ලංකාවද අවදානම් රටක් ලෙස නම් කර ඇති අතර මෙරටින් පැමිණෙන පුද්ගලයින් හදිසි නිරෝධනයකට ලක්කිරීමටද එම රටවල් තීරණය කර ඇත. ඒ අතර දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමීමට සිදුවුවහොත් ඇඟලුම් කර්මාන්තය හා සංචාරක ව්‍යාපාරය හා ඒ ආශ්‍රිත රැකියාද කඩා වැටුනහොත් ඉදිරි කාලය තුලදී එය ඉතා බරපතල ලෙස ශ්‍රී ලංකික ආර්ථිකයට බලපානු ඇති බවටද ඔවුන් අනතුරු හඟවති.

Exit mobile version