Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචරණ සීමා නිසා ගොවීන් රැගෙන ආ අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයක

රැගෙන ආ අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයක

රැගෙන ආ අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයක

සංචරණ සීමා පනවා තිබුණද, සිය අස්වනු අලෙවි කිරිමට රැගෙන යාමට ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට බාධාවක් නැහැ. එහෙත්, දැන් සිදුව ඇත්තේ රැගෙන ආ අස්වනු අලෙවි කර ගැනීමට පුද්ගලයින් නොමැතිවීමයි.
සංචරණ සීමා මැද සිදුකිරීමට අවසර දී ඇත්තේ ද, එළවළු, පළතුරු හා මාළු තොග වෙළඳාම පමණයි. එහෙත්, තොග වෙළඳාමට හෝ සිය අස්වනු මිලදී ගැනීමට මැනිං වෙළඳපලට අද අලුයම පැමිණි පිරිස ඉතා අවම වීම හේතුවෙන් ගොවීන්, අතරමැදියන් මෙන්ම ව්‍යාපාරිකයින් ද පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
සංචරණ සීමා පැනවීමත් සමග තම අස්වනු අලෙවි කර ගත නොහැකිව ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පුත්තලමේ හා කුරුණෑගල වට්ටක්කා ගොවීන් මෙන්ම කරුවල ගස්වැව සහ සූරියවැව යන ප්‍රදේශවල ගස්ලබු සහ කෙසෙල් ගොවීන් ද ඒ අතරින් ප්‍රමුඛයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ පැවසුවේ ගොවීන්ට ගැටලු මතුවුවහොත් කෘෂි නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට තමන් උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව නුවරඑළිය, අනුරාධපුර, මාතලේ, පුත්තලම, යන දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට ඊට අදාළ උපදෙස් දී ඇති බවත්, වැලිසර හැර සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවත්, ඔහු පැවසුවා. අමාත්‍යවරයා සඳහන් කළේ කිසිඳු ගොවි මහතෙකු සිය අස්වනු අලෙවි කරගැනීමට නොහැකි වෙතැයි අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

Exit mobile version